WINDOWS 7 LOGIN SCREEN එකට අපි කැමති රූපයක් දාගන්න කැමතිද?


Windows 7 පාවිච්චි කරන අයට පරිගණකය ක්‍රියාත්මක කරද්දී හා ක්‍රියා විරහිත කරද්දී එන්නේ ඉහත Window එක විදියටනේ.කැමතිද එක වෙනස් කරගන්න? හරි, මම කියන විදියට කරොත් වැඩේ වරදින්නේ නම් නැහැ.අපි දැන් වැඩේට බහිමු වැඩිය පුරාජේරු නැතුව.
  • මුලින්ම Run Box එක ලබාගන්න.එය ලබාගැනීමට Star > All Programs > Accessories > Run

  • දැන් එම Run Box එක තුල regedit යන්න ටයිප් කර වින්ඩොස් රෙජිස්ටරි එකට යන්න.එයට යාමේදී ලැබෙන පණිවිඩයට  Yes විධානය ලබා දෙන්න.දැන් ඔබට පහත ආකාරයට එම රෙජිස්ටරි වින්ඩොව් එක දැක ගත හැකි වේ.
  •  එම වින්ඩොව් එක ලැබුණු පසු එහි ඇති HKEY_LOCAL_MACHINE එක ගාවට Mouse pointer එක ගෙන ගොස් right ක්ලික් කර find යන එක තෝරාගන්න.

  • එහිදී එන වින්ඩොව් එකට OEMBackground යන්න ටයිප් කර Find Next විධානය ලබා දෙන්න

  •  එවිට පහත ආකාරයට වින්ඩොව් එකක් ලැබෙයි.

  • එහිදී  ලැබෙන වින්ඩොව් එකෙන් OEMBackground එක දෙපාරක් ක්ලික් කර ලැබෙන වින්ඩොව් එකේ තියෙන Value data: කියන එක 0 ලෙස සදහන් වී ඇති අතර, එය  1 ලෙස මාරු කර OK විධානය ලබාදී වින්ඩොව්ස් රෙජිස්ටරි එක close කරන්න.
  • දැන්  ඔබ C:\Windows\System32\oobe යන folder එක සොයාගන්න.
  • එම  oobt folder එක ඇතුලේ info කියලා වෙනම folder එකක් හදන්න.
  •  දැන් එම Info folder එක ඇතුලේ background කියලා වෙනම folder එකක් හදන්න.
  • දැන්  ඔබ හදා ගත්තු folder එකට ඔබ කැමති රූපයක් ගෙනත් paste කරගන්න.ඔබ තෝරා ගත්තු රුපයේ නම backgroundDefault.jpg ලෙස වෙනස් කරගන්න.එම වෙනස් කිරීමෙන් අනතුරුව වින්ඩොව් එක close කරන්න.
  • දැන් ඔබ තෝරා ගත්තු රූපය Windows 7 Login හා LogOut වෙද්දී දැක ගැනීමට හැකි වේ.

0 comments:

Design by NipunNawanjana | Nipun Nipun - My blog