නොමිලේ Marster Card එකක් ගෙදරටම ගෙන්වා ගන්න.




සප්පච්චියේ පස්ට කාලෙකින් නොවැ ඉන්ටර් උනේ.මාර වැඩේනේ .. නෑ නෑ මුකූ..ත් නෑ. මේ දවස්වල කර කැඩෙන්න තරම් බිසී.කකුලක් උස්සනවත් බෑ... (බොරුවට කිවුවේ) ඇත්තටම බිසී. දවස් ගානකින් ලිපියක් දාපු නැති නිසයි මේ පැත්තට ආවේ. 
අපි යනවා දැයට කිරුල බලන්න.. (ආ ඉතින් නටන්නද කියන්නේ)
පුලුවන්නම් නටන්නකෝ.. 2012 වසරේ තිබුනු දැයට කිරුල ප්‍රදර්ශණයට මටත් අවස්ථාවක් හම්බුනා. මොකක් තියන්නද දන්නවද, Railway Security Systemඑකක්.මට ඒ නිර්මාණෙට උතුරු මැද පලාතේ පළමු ස්ථානය හම්බවුනා.හැදුවේ ඉලෙක්ට්‍රොනික්ස් වලින් ඒක රවට්ටන්න කාටවත් බෑ.සංවේදක 5ක් තියෙනවා.සංවේදක 5හම ක්‍රියාත්මක කරන්න පුලුවන් කෝච්චියට විතරයි.ඒක නිසා ගොඩක් වටිනවා.පේටන් ඉල්ලන්න තියන් හිතපු එක දැයට කිරුලට ඇරන් ගිහින් ආයේ නොලැබීම ගැනනම් ගොඩක් දුකයි.

    හා හා ඒවා ඇති ආව කාරනේට බහිමුකෝ.අද නොමිලේ දෙයක් දෙන්නයි හදන්නේ.. මෙන්න Mastercard එකක් නිකන් දෙනවා...




මොකක්ද මේ payoneer Mastercard එක?

ඇත්තටම මේක ATM card එකක් වගේ කාඩ් එකක්.මේකෙන් පාවිච්චි වෙන්නේ අපේ ගිනුමේ තියෙන මුදලුයි.මේ කාඩ් එක අපට ලබාදෙන්නේ www.payoneer.com කියන වෙබ් අඩවියෙන්.පිටරට ප්‍රසිද්ධ බැංකු කිහිපයක් එකතු වෙලා තමා මෙම සේවාව සපයනු ලබන්නේ. ලංකාව තුල ඕනෑම ගෙවීමක්,ගණුදෙනුවක් සදහා මෙම payoneer කාඩ්පත භාවිතා කිරීමේ හැකියාව තියෙනවා.මෙම කාඩ්පත ලබාගැනීමටනම් වයස අවුරුදු 18ට වැඩි විය යුතු අතර ලිපිනය මෙන්ම සත්‍ය දත්තයන් ඇතුලත් කල යුතුයි.

මෙකට සල්ලි දාන්නේ කොහොමද?

මේකට සල්ලි දාන්න පුලුවන් Paypal එකෙන්.එහෙමත් නැතිනම් Odex වැනි ආයතන වලින් ගෙවනු ලබන වැටුපද මෙම කාඩ්පතට එක් කරගැනීමේ හැකියාව තියෙනවා.

කාඩ් පතේ තියෙන සල්ලි ගන්නේ කොහොමද?

ඇත්තෙන්ම Commercial Bank,HSBC,BOC වගේ ඕනෑම බැංකුවකින් ATM යන්ත්‍රයක් මගින් ඔබේ අතට මෙම කාඩ්පතේ ඇති මුදල් අතටම ලබාගත හැක.

කාඩ් එකෙන් තියෙන වාසි මොනවද?

ලංකාව තුල කිසිදු ගැටලුවකින් තොරව ඕනෑම ගනුදෙණුවක් සදහා භාවිතා කිරීමට හැකිවීම.
පැය දෙකක් වැනි ඉතා කෙටි කාලයකින් කාඩ් පතට මුදල් ලෝඩ් කිරීමේ හැකියාව.
මෙය පවත්වාගෙන යාම සදහා බැංකු ගිණුමක් අවශ්‍යය නොවීම.
අන්තර්ජාලය තුල ඕනෑම ගණුදෙනුවක්,භාණ්ඩ මිලදී ගැනීමක් සිදුකල හැක.


මෙම Mastercard එක ATM යන්ත්‍රය හා සම්බන්ධවීමේදී පහත ගාස්තු අයවීමක් සිදුවේ.


  • payoneer Mastercard භාවිතයෙන් මුදල් ලබාගන්නා සෑම අවස්ථාවකදීම $3.15ක් අයවේ.
  • ශේෂය පරීක්ෂා කිරීමේදී $1.00 ක් අයවේ.
  • කාඩ්පත මාරු කරගැනීමට අවශ්‍යය උවහොත් $12.95 ක් අයවේ.
  • වාර්ෂික අයකිරීම $29.95



 ඔබටත් නොමිලයේම Payoneer Master Card එකක් ලබා ගැනීමට අවශ්‍යය නම් පහල බැනර් එක ක්ලික් කර ලැබෙන ෆෝම් එක පුරවන්න.



0 comments:

Design by NipunNawanjana | Nipun Nipun - My blog