පරිගණකයේ හාර්ඩ් ඩිස්කය කියන්නෙ දත්ත ගබඩාව.මේක අවුල් ගියොත් එහෙම මුළු පරිගණකයම ස්ලෝ වෙනවා. මෙසේ ස්ලෝ වීමට ප්‍රධාන හේතුවක් තමයි ඩුබ්ලිකේට් ෆයිල්ස් කියන්නෙ. එකම ෆයිල් එක පරිගණකයේ විවිධ ඒකක වල ගබඩා වීම ප්‍රධාන වශයෙන් ඩුබ්ලිකේට් ෆයිල්ස් යනුවෙන් හදුන්වන්න පුළුවන්. ඉතින් හදිස්සියක් වුනාම අවශ්‍ය ෆයිල් එක හොයා ගන්න ගියාම තමයි හරියට සන්තෝෂ හිතෙන්නෙ. දැනුවත්ව වගේම නොදැනුවත්ව මේ ඩුබ්ලිකේට් ෆයිල් ඇති වෙන්න පුළුවන්. සමහර විට අපිට සාමාන්‍ය විදිහට හොයලා ඩිලීට් කරන්න බැරි විදිහට මේ ඩුබ්ලිකේට් ෆයිල් ගොඩ ගැහෙන්න පුළුවන්. ඒ වෙලාවට හාර්ඩ් ඩිස්කය සුද්ද බුද්ද කරලා ගන්න ඊසි ඩුබ්ලිකේට් ෆයින්ඩර් මෘදුකාංගය වැදගත් වෙනවා. අවශ්‍ය ෆෝල්ඩර් ටික සිලෙක්ට් කරලා , ස්කෑන් කරලා, ඩිලීට් කරන්න. වැඩි ගේමක් නෑ. එහෙනම් බා ගෙනම බලන්න.


21.7 MB

0 comments:

Design by NipunNawanjana | Nipun Nipun - My blog