තමන්ගේ  පරිගණකයයි, මල්ලි ආච්චිට වීඩියෝ කෝල් ගන්න ෆෝන් එකයි, අම්මා රෙසිපි බලන ටැබ් එකයි, තාත්තා බිස්නස් වැඩ කරන ලැප් එකයි, අක්කිගෙ සිංදු අහන මෙව්ව එකයි, ඔක්කොම එකම කනෙක්ෂන් එකෙන් අන්තර්ජාලයට සම්බන්ද කරන්නේ ‍කොහොමද කියන එක ගොඩක් අයට  තියන ගැටළුවක්. ඒ වගේම අර සිම් දාන්න බැරි ටැබ් එක අන්තර්ජංජාල ගත කරන්නේ කොහොමද? මෙන්න උත්තරේ..

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියෙන අයට
ඔයාගේ  Android දුරකතනයේ.  Wi-Fi Hotspot කියල  වැඩසටහනක් තියෙනවා. එකෙන් පුළුවන් ඔයාලට ඔබේ දුරකථනය 3G  සම්බන්දතාවය හරහා අන්තර්ජාලයට සම්බන්ද කරලා ඒ සම්බන්දතාවයම WiFi router එකක්   විදියට ඔබේ දුරකතනයෙන්ම බෙදාහරින්න.

* Settings > Wireless and network > Tethering & portabel hotspot යන්න.



* ෆෝන් එකේ  Portable WiFi hotspot තැනට ටික්  එකක් දාන්න. Configure Portable WiFi hotspot වලට ඔයාට ඕන නම් යූසර්නේම්, පාස්වර්ඩ් දීල සේව් කර ගන්න. ආරක්ෂාවටත් එක්ක හොදා.



* සමහර ඒවගේ මෙහෙමත් එනවා. 



* සමහර ඒවගේ මෙහෙමත් එනවා. (කොරියන් ) 




කොහෙන් කොහොම කරත් එකම දේ වෙන්නේ. 
දැන් ඉතින්  WiFi තියන ඕනෑම උපකරණයක්  ලේසියෙන්ම සම්බන්ද කරන්න පුළුවන්.
සම්බන්ධ කරනකොට යූසර්නේම්, පාස්වර්ඩ් කලින් දුන්න විදියටම දෙන්න.

**********************************************************************************************
ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් නැති අයට කොම්පීතරෙන්, ලැප්ටොප් එකෙන් වැඩේ කොර ගන්න. 
කොම්පීතරේටනම් වයි ෆයි ඩොන්ගලයක් ගහලා අදාල ඩ්‍රයිවර්ස් දාගෙන ඉන්න හොදේ. ලැප් එකේ නම් තියෙනවනේ.


මේ මෘදුකාංගය බා ගන්න
Virtual Router Plus 2.3- 0.2 MB



* මුලින්ම  ෆයිල් එක unzip කරගන්න. 
* Virtual Router Plus සොෆ්ටුව ඕපන් කරන්න.

* ඔබට කැමති  යූසර්නේම්, පාස්වර්ඩ්  දෙන්න. 
* ඔබගේ සම්බන්ධතාවය තෝරලා start Virtual Router Plus ඔබන්න. 
* දැන් ඉතින්  WiFi තියන ඕනෑම උපකරණයක්  ලේසියෙන්ම සම්බන්ද කරන්න පුළුවන්. 
* සම්බන්ධ කරනකොට යූසර්නේම්, පාස්වර්ඩ් කලින් දුන්න විදියටම දෙන්න.

0 comments:

Design by NipunNawanjana | Nipun Nipun - My blog