ඉස්සර ඉතිං ඈත ගම් බිම් වලට ලයිට් එහෙම නෑනෙ .තුම්පනේටත් ඒ ටික තමා . දවසක් ටිකක් මෝඩ පහේ ඩයල් එකක් ගමනක් ගිහින් රෑ වෙලා ගෙදර එනවලු .කදු තැනිතලා ඒ ඳඩු එහෙම පහු කරගෙන මෑන් පාඩුවේ එනවලු .මගක් යද්දී හුලු අත්තත් නිමුනලු .ඉතිං මැන් පොර පට්ට කරුවලේ යනවලු .ටිකක් කකුලට මොනව හරි පෑගුනා වගේ දැනුනලු .මෑන් පොඩ්ඩක් නැවතිලා කකුල අතගාලා සුවද බැලුවලු .බැලින්නම් ගූ ගොඩක්ලු .ඊට පස්සේ මිනිහා " අයියෝ ගූ ගොඩක් " කියල ඔලුව අතගා ගත්තලු ...

          **************************************************

මචං ඉස්සර අපේ ගමේ මොනව උනත් හෙන ෆන් පොරවල් ඉදල තියෙන්නේ .ඒ අතර ආරච්චියා තමා සුපිරිම ඩයල් එක .මිනිහ එක දවසක් ගමේ පිරිමි ටික රැස් කරල කියනවලු "උඹලාට ආසාවක් නැත්ද හදට යන්ට .අපිට ඕක කරන්ට බැරි වෙන එකක් නෑ .පටන් ගනියව් හෙට ඉදල ඉනිමං බදින්ට " කියලා ...ඉතිං ඕක අහගෙන හිටපු අනිත් උන් ටික පහුවදා උදේ ඉදලම වැඩේ පටන් ගත්තලු . දැන් ඉතිං කට්ටිය හෝ ගලා ඉනිමං බඳිනවලු .කොහොම හරි බොහෝම අමාරැවෙන් ඉනිමං උස්සලා කට්ටියක් අල්ලගෙන ඉද්දී කට්ටියක් ඉනිමග දිගේ හදට නගිනවලු .ටිකක් දුර නගින කොට උඩ ඉනිමං ටික ඔක්කොම කඩා වැටුනේ හතර පස් දෙනෙක් පරලොවත් යවමින්ලු .ගමේ අය අදටත් තුම්පනේ අය හදට ඉනිමං බැදපු හැටි ගැන මතක් කරනවා..

          **************************************************

ඒ කාලේ අපේ ගමේ හිටියලු බණ්ඩාර කියල ටිකක් සල්ලි බාගෙ තියන ඒ උනාට හෙන මෝඩ ගමේ උන් ගරු කරන ඉස්කෝල මහත්තයෙක් පොර වැඩ කරේ නගරේ ඉස්කෝලෙකලු .දවසක් මිනිහගෙ අම්ම වලකජ්ජන් ගැහුවලු .මේක අාරංචි වෙලා මිනිහගෙ ඉස්කෝලෙ ගුරුවරුත් මළ ගෙදර අාවලු .ඒත් තාම මිනිස්සුන්ටවත් ඉන්ට භඩ් එකක්වත් හදල නෑලු .ඉතිං අර ආපු සර්ල ටික මහන්සිවත් නොබලා පොඩි හට් එකක ගහන්ට ගියාලු .ඉතිං වලවල් හාරන්ට අලවංගුවක් එපාය ...ගේ හැමතැනම හෙව්වලු අලවංගුවක් .අන්තිමට පිළිකන්නේ තිබිල බඩු හම්බුනාලු . ඒත් ඒකෙ උල පැත්තේ පොඩි කොපුවක් ගහලලු .ඒ අතර බණ්ඩාර මහත්තයත් එතෙන්ට ආවලු .. " ආ කුලතුන්ග මහත්තයා ඕක දෙන්ටකෝ මම ගලවලා දෙන්නම් . මම මේක ගහල තිබුනෙ උල ගෙවෙන හන්දා" .. කියලා කීවලු.. .එතන හිටපු හැමෝටම මළ ගෙදරත් අමතක වෙලා අම්බානක හිනාලු . ගමේ අය අදටත් බණ්ඩාර මහත්තයා ගැන ගොඩක් හිනා වෙවී කතා කරනවා .

උපුටා ගැනීම - http://www.webpotha.com/2014/08/blog-post_14.html

0 comments:

Design by NipunNawanjana | Nipun Nipun - My blog