m


බොහොම කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් ලියන්න වෙලාවක් වෙන් කර ගන්න පුළුවන් උනේ.
ලෝකයේ විවිධ මෙහෙයුම් පද්ධති අතරේ දැනට වැඩිම පිරිසක් භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය ලෙස Windows  හැදින්විය හැකියි.
නමුත් අද නම් කියන්නට යන්නෙ අපේ රටේ අයට භාවිතා කරන්න පුළුවන් විදියට හදපු සුපිරි මෙහෙයුම් පද්ධතියක් (OS/ Operating System) ගැන.

  • නමින් Cylon Linux නම් වන මෙම මෙහෙයුම් පද්ධතිය අපේම රටේ අය විසින් Ubuntu මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන අපේ රටේ Internet පහසුකම් අඩු/නැති අයට වුවද භාවිතා කල හැකි ලෙස සැකසුණු (Customized OS) එකක්. 
  • මෙහි විශේෂත්වයද එයයි. බොහෝවිට Ubuntu  බාගත කර ගන්නා ශ්‍රී ලාංකික අපි එය ඉවත් කිරීමට ප්‍රධාන හේතුව ලෙස බොහෝ දෙනා කියන කාරණය නම් 


" සිංදුවක් අහන්වත් වීඩියෝ එකක් බලන්නවත් බෑනේ"  යනුවෙනි.


  • නමුත් Cylon Linux ස්ථාපනය කරන ඔබ මේ සියල්ලන්ගෙන් සන්නද්ධයි.



  • එපමණක් නොවේ බොහෝ මෘදුකාංග (built in) අන්තර්ගතයි. 


එම නිසාම ඔබට Software , Crack සොයමින් කාලය නාස්ති කල යුතු නැත. එසේම මේ සියල්ල නොමිලේ ලබාදෙන freeware සහ Open sourse වර්ගයේ නිසා ඔබේ පරිගණකය නීත්‍යානුකූල එකක්ද වෙයි.
වේගය අතින් බැලූකල වින්ඩෝස් වලට ඉහල තැනක පවතින බව මාස ගණනක් මමද අත්හදා බලා ඇති බව සහතික හැකි අපූරු මෙහෙයුම් පද්ධතියකි

අඩංගු මෘදුකාංග පහත පරිදි වෙයි


  1. Artha Dictionary
  2. BleachBit
  3. Docky
  4. Xpad
  5. CryptKeeper
  6. CuttleFish
  7. CCSM
  8. Compiz (Patch)
  9. GnomeSplit
  10. RedShift
  11. Qreator
  12. Gloobus Preview
  13. Ultra Copier
  14. KGeography
  15. KMPlot
  16. KAlarm
  17. Firestarter
  18. Qucs
  19. Step
  20. PCSX (with spu,gpu plugins)
  21. PlayStation Helper
  22. Play on Linux
  23. Inkscape
  24. Blender (with Cycles)
  25. Scribus
  26. Hardware Lister
  27. RawTherepy
  28. Gimp 2.8 (with Plugin Registry)
  29. MyPaint
  30. Krita
  31. Facebook
  32. Pinta Image Editor
  33. LibreCad
  34. Scan2PDF
  35. Dia
  36. Rekonq Web Browser
  37. Tor Web Browser
  38. Rekonq Web Browser
  39. Nightly Web Browser
  40. Chrome Web Browser
  41. Prozilla Download Accellerator
  42. Deluge Bittorrent Client
  43. V Mobile Broadband
  44. FileZilla
  45. gFTP
  46. GnomePredict
  47. Ticker
  48. WiFi Radar
  49. XHydra
  50. Fogger
  51. KeepInternet
  52. Calibre Book Library
  53. View Your Mind
  54. Korganizer
  55. GNUCash
  56. KmyMoney
  57. OCRFeeder
  58. BlueFish Web Editor
  59. Komposer Web Editor
  60. Eclips IDE
  61. Eric Python IDE
  62. Dr.Python
  63. Gambas 2.0
  64. Quickly
  65. Avogadro
  66. Kalzium
  67. Stellarium
  68. Synaps
  69. Screenlets
  70. KdenLive
  71. OpenShot
  72. K3B
  73. Acetone ISO
  74. ConvertMe
  75. Arista Trascoder
  76. WinFF
  77. Amarok
  78. Smplayer
  79. VLC Media Player
  80. Audicious
  81. Play it Slowly
  82. Miro
  83. Auducty
  84. Lmms (No launcher)
  85. Mix 
  86. Asunder CD Ripper
  87. EasyTag
  88. DeVeDe
  89. DVD Styler
  90. OGMRip
  91. Imagination
  92. Cheese Web Cam Booth
  93. Guvc Webcam view
  94. Kazaam Screencaster
  95. RecordMyDesktop
  96. Dvdisaster
  97. Xfce Taskmanager
  98. Web Content Control
  99. Replay Video Cache Viewer
  100. Synaptic Package Manager
  101. Wine
  102. Wicid
  103. Xine
  104. YPPA



වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ ඇති මෘදුකාංග එකතුවට වඩා අතිවිශාල මෘදුකාංග එකතුවක් මෙහි ඇති බැව් ඔබට පෙනේ. මේවායේ වින්ඩෝස් වල ඔබ සිදුකරන කාර්යයන් ඒ ආකා‍රයෙන්ම මේ ආදේශක මෘදුකාංග මගින් සිදු කරගත හැකි අතරම,

යම් අයුරකින් Windows පද්ධතියේ ඇති මෘදුකාංගයම ඔබට අවශ්‍ය නම් එය වුවද ස්ථාපනය කිරීමේ පහසුකම WineHQ හරහා Cylon Linux  ඔබට ලබා දී ඇත.

එසේම අන්තර්ජාල පහසුකම් ලබාගැනීමේදීද වැඩි වශයෙන් ලාංකිකයන් HSPA Dongle භාවිත කිරීමට පුරුදු වී ඇති නිසා Cylon Linux තුලින් ඕනෑම වර්ගයක Dongle එකකින් අන්තර්ජාල සම්බන්ධ වීමට හැකි වන අයුරින් සැකසුම් සකස් කර දී ඇත.


Processor        : 1.7 GHz
R. A. M          : 1GB

සහිත හෝ ඊට වැඩි ධාරිතාවයකින් යුතු ඕනෑම පරිගණකයක පහසුවෙන් ධාවනය කල හැකිය.


0 comments:

Design by NipunNawanjana | Nipun Nipun - My blog